hit counter

2024 ජූනි මස 25 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 13, ප.ව. 1:18



2023 ලංකා ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගන්නට වනිඳු හසරංග නායකත්වය දරණ බී ලව් කැන්ඩි කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස් නායකත්වයෙන් යුත් දඹුල්ල අවුරා කණ්ඩායමට හැකියාව ලැබුණා.

දඹුල්ල කණ්ඩායම මේවන විට ඔවුන් සහභාගී වු තරග 7න් 5ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 10කට හිමිකම් කියමින් අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.

බී ලව් කැන්ඩි ක්‍රීඩකයින් ද ඔවුන් මෙතෙක් සහභාගී වු තරග 6න් 4ක් ජයගෙන ප්‍රසාද ලකුණු 8ක් සමගින් අවසන් වටයේ සිය ස්ථානය වෙන් කර තිබෙනවා.

ඒ අනුව ජැෆ්නා කිංග්ස් ,කලම්බෝ ස්ට්‍රයිකස් සහ ගෝල් ටයිටන්ස් යන කණ්ඩායම් තුන අතරින් කණ්ඩායම් දෙකකට පමණක් අවසන් වටයට සුදුසුකම් ලබා ගන්නට අවස්ථාව උදාවනවා.