hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 28, ප.ව. 4:10



නවසීලන්තය සමග පැවැති පළමු T20 තරගය ලකුණු 8කින් පරාජයවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 172ක් ලබා ගත්තේය.

ඩැරල් මිචෙල් ලකුණු 62ක් ද, මයිකල් බ්‍රෙස්වෙල් ලකුණු 59ක් ද ලබා ගත්තා.

බිනුර ප්‍රනන්දු ලකුණු 22කට කඩුලු 2ක් ද, මහීෂ් තීක්ෂණ ලකුණු 29ට කඩුලු 2ක් ද, වනිඳු හසරංග ලකුණු 33කට කඩුලු 2ක් ද දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 164ක් පමණි. 

පැතුම් නිස්සංක ලකුණු 90ක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් ද රැස්කළා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 8 ලකුණු 38ක් තුළ තරග පරාජයට හේතු විය.