hit counter

2025 ජනවාරි මස 27 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 11:19



ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නේපාලය අතර පල්ලේකැලේ හිදී පැවති තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුළු 10 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 02 කදී සියලු දෙනා ලකුණු 230 ක් ලබා ගත්තා.

එහිදී අසීෆ් ශෙයික් ලකුණු 58 ක් ලබා ගත් අතර,මොහොමඩ් සිරාජ් සහ රවින්ද්‍ර ජඩේජා කඩුළු 3 බැගින් දවා ගත්තා.

ඉන්දීය කණ්ඩායම පන්දුවට පහරදීම ආරම්භ කිරීමෙන් අනතුරුව පන්දුවාර 02 යි 01 පන්දුවක් යවා තිබියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

අනතුරුව යළිත් තරගය ආරම්භ කෙරුණු අතර,එහිදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය කිරීම සඳහා පන්දුවාර 23 කදී ලකුණු 145 ක ඉලක්කයක් හිමි වුණා.

ඒ අනුව ඉන්දියාව ජයග්‍රාහී ලකුණු 145 ඉලක්කය පසුකර යෑම සඳහා වැය කළේ පන්දුවාර 20 යි පන්දු 01 ක් පමණයි.

එහිදී නායක රෝහිත් ශර්මා නොදැවී ලකුණු 74 ක් සහ ශුබ්මන් ගිල් නොදැවී ලකුණු 67 ක් ලබා ගත්තා.

මෙම ජයත් සමග ඉන්දියාව ආසියානු කුසලානයේ අවසන් හතර දෙනාගේ වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.