hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 1:06



ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් සිව්දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගත්තා.

ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 291ක් ලබා ගත්තා.

කුසල් මෙන්ඩිස් ලකුණු 92ක් ද , පැතුම් නිස්සංක ලකුණු 41ක් ද ලබා ගත්තා.

චරිත් අසලංක ලකුණු 36ක් සහ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 33ක් හා මහීෂ් තීක්ෂණ ලකුණු 28ක් රැස් කළා.

ගුල්බදීන් නයිබ් ලකුණු 60කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය පන්දුවාර 37යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 289ක් පමණයි.

එහිදි ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින්ට අවසන් කණ්ඩායම් හතර අතරට එක්වීමට නම් මෙම තරගය පන්දුවාර 37යි එක් පන්දුවක් තුළදී ජයගැනීමට සිදුව තිබුණා.

නායක හෂ්මතුල්ලා ෂාහිඩි ලකුණු 59ක් ද,මොහොමඩ් නබී ලකුණු 65ක් ද ලබා ගත්තා.

කසුන් රාජිත ලකුණු 79කට කඩුලු 4ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 12කට කඩුලු 2ක් ද,දුනිත් වෙල්ලාලගේ ලකුණු 36කට කඩුලු 2ක් ද දවා ගත්තා.

අවසන් සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය ලබන සෙනසුරාදා බංග්ලාදේශ සමග කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Example Image