hit counter

2025 ජූනි මස 03 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 10:49



ආසියානු කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම සොයන ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන අතර අවසන් 4 දෙනාගේ තරග වටයේ තරගය අද පස්වරු 3ට කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නවා.

මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී අත් හැර දැමුවහොත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබන අතර එහිදී ඉන්දියාව සමගයි තරග වැදීමට නියමිතයි.

මෙම තරගයට එක්වන පාකිස්ථාන කණ්ඩායම මේවන ප්‍රකාශයට පත් කර තිබෙන අතර එම කණ්ඩායමේ වෙනස්කම් පහක් සිදු කර තිබෙනවා.

මොහොමඩ් හැරිස්,සවුද් ශකීල් ,මොහොමඩ් නවාස්,සමාන් ඛාන් සහ මොහොමඩ් වසීම් පාකිස්ථාන කණ්ඩායමට කැදවා තිබෙනවා.