hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2022 ජූනි 02, පෙ.ව. 10:15



ක්‍රීඩකයන්  21 දෙනෙකුගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරගාවලි සංචාරයක් සදහා ඊයේ (01) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් යානා තුනකින් පැමිණි බව ඒෂියන් මිරර් ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළා.

මෙයින් පළමු කණ්ඩායම  ඊයේ (01) සවස 05.03 ට සිංගප්පූරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඉන්අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දෙවන කොටස ඊයේ (01) සවස 05.30 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 128 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් රැගත් තුන් වන ගුවන් යානය ඊයේ (01) රාත්‍රී 10.25 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ.

මෙම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

මෙම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි ලෙස තර කොට තිබුණ බව අප වාර්තාකරු සඳහන් කළා.

මෙම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ මාස එක හමාරක තරම් කාළයක් රැදී සිටිමින් ටෙස්ට් තරග 02 ක් , එක් දින සීමිත ඕවර් තරග 03 ක් සහ ටී – 20 ක්‍රිකට් තරග 03 සදහා සහභාගී වීමට නියමිතයි.

මෙම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම මෙම තරගාවලි සංචාරය නිමා කර 07/12 දින ආපසු ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.