hit counter

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

2023 ජූලි 04, ප.ව. 3:10



නවතම අයි.සී.සී එක්දින ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල පිතිකාරිණියන් අතර පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත් වී තිබෙනවා.

නවසීලන්තයට එරෙහිව ඊයේ(03) නිමා වූ එක්දින තරගාවලියේ දී ශතක දෙකක් වාර්තා කරමින් දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙනුයි ඇය මෙලෙස පිතිකාරිණියන් අතර පෙරමුණට පත්ව ඇත්තේ.

චමරි අතපත්තු මේ වන විට හිමි කර ගෙන සිටින ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 758 ක්.

ලකුණු 754 ක් ලබාගෙන පෙරමුණේ රැඳී සිටි ඕස්ට්‍රේලියාවේ Beth Mooneyට මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.