2022 අගෝස්තු 04, ප.ව. 2:48
එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකු අතුරුදන් වී ඇතැයි වාර්තා වෙනවා.
මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජූඩෝ ක්‍රීඩිකාවක සහ ඇයගේ පුහුණුකරු අතුරුදන් වී තිබුණු අතර ඒ අනුව මෙම පුද්ගලයා අතුරුදන් වූවන්ගෙන් තෙවැන්නා වෙයි.
ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායමේ ක්‍රීඩකයෙකු මෙලෙස අතුරුදන් වී ඇත්තේ.
එම ක්‍රීඩකයා කොවිඩ්-19 පරීක්ෂණයට ඉදිරිපත් කර ඔහු වෛරසය සඳහා ධනාත්මක බව හඳුනා ගෙන තිබුණු බැවින් ඔහුව පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා වෛද්‍ය මධ්‍යස්ථානයට මාරු කර යවා තිබෙනවා.
අනතුරුව ඔහු දෙවන කොවිඩ්-19 පරීක්ෂණයට පෙනී සිට ඇති අතර ඉන් ඔහුගේ සිරුරෙන් වෛරසය ඉවත්ව ඇති බව තහවුරු වී තිබෙනවා.
පසුව ඔහු පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා වෛද්‍ය මධ්‍යස්ථානයෙන් නිදහස් කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය ඔහුව මධ්‍යස්ථානයෙන් රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී ක්‍රීඩකයා අතුරුදන්ව ඇති බව දැනගෙන තිබෙනවා.
ඒ අනුව, ඔවුන් මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඇති අතර ක්‍රීඩකයින්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් එම ක්‍රීඩා උළෙලේ ආරක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත් වන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:24
2024 දෙසැම්බර් 19, පෙ.ව. 8:32
2024 දෙසැම්බර් 17, ප.ව. 11:21
2024 දෙසැම්බර් 16, පෙ.ව. 9:17
2024 දෙසැම්බර් 16, පෙ.ව. 8:39