hit counter

2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 20, ප.ව. 11:52



ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දසුන් ශානකට අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

ඒ දේශීය තුන්දින තරගාවලියේ තරගයක් අතරතුර ඉන්ටර්නැෂනල් ලීග් තරගාවලියේ තරගයක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඩුබායි බලා පිටත්ව යාම හේතුවෙන්.

SSC ක්‍රීඩා සමාජයට ක්‍රීඩාකර දසුන් ශානක මුවර්ස් තරගය අතරතුර එදිනම ඩුබායි බලා පිටත්ව ගොස් රාත්‍රියේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරගයකට එක්වුණි.

දේශීය තරගය අවසන්වීමට පෙර ආබාධයක් හේතුවෙන් විවේකගන්නා ලෙස උපදෙස් ලැබී ඇති පසුබිමක ලීග් තරගයක් දසුන් ක්‍රීඩා කළේ කෙසේ ද යන්න ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විනය පරික්ෂණ පවත්වනු ලැබුවා.

ඒ අනුව දසුන්ට අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් පැනවීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

මෙය රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් ද වනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග දසුන් ශානක ඇති කරගෙන තිබෙන කොන්ත්‍රාත්තු ගිවිසුමේ වගන්තියක් කඩ කිරීමේ වරදටය.