2025 නොවැම්‍බර් 03, ප.ව. 8:06
2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ ශූරතාව දිනා ගන්නට ඉන්දිය කාන්තා කණ්ඩායමට හැකියාව ලැබුණේ අවසන් තරගයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම ලකුණු 52කින් පරාජය කරමින්.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 298ක් ලබා ගත්හ.

ජයග්‍රහණය සඳහා ලකුණු 299ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 45.3කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 246ක් පමණි.
ඉන්දියාව වෙනුවෙන් ශෆාලි වර්මා ලකුණු 87ක් ද, ස්මිත්‍රී මන්දනා ලකුණු 45ක් ද, දීප්ති ශර්මා ලකුණු 58ක් ද රැස්කර ගත්තේය.

පිළිතුරු ඉනිමේදී දකුණු අප්‍රිකා නායිකා ලෝරා වොල්වාඩ් ලකුණු 101ක් ලබා ගත්තේය.
දීප්ති ශර්මා ලකුණු 39කට කඩුලු 5ක් දවා ගත්තාය.
ඉන්දියාව පළමු වරට කාන්තා එක්දින ලෝක කුසලානය දිනා ගත් අතර ඔවුන්ට ICCයෙන් ඉන්දියානු රුපියල් කෝටි 40ක් ද, ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තවත් කෝටි 51ක මුදලක් ද ලබා දුන්නාය.

මෙවර කාන්තා එක්දින ලෝක කුසලානය සඳහා ඉන්දියාවට අමතරව ශ්‍රී ලංකාව ද සත්කාරකත්වය ලබා දුන් අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 5 වන තැනට පත්විය.
2025 නොවැම්‍බර් 02, පෙ.ව. 7:54
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:48
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 8:37
2025 ඔක්තෝබර් 26, ප.ව. 3:42
2025 ඔක්තෝබර් 25, පෙ.ව. 12:33