2022 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 9:07
ආසියානු ශූරතා හිමිකරගත් ක්‍රිකට් හා දැල්පන්දු ක්‍රීඩික ක්‍රීඩිකාවන් රැගත් රථ පෙරහැර මේවන විට කොළඹට ලඟා වෙමින් සිටිනවා.
ඒ අනුව ආසියානු ශූරතා හිමිකරගත් ක්‍රිකට් ක්‍රීඩකයින් ‘ඩබල් ඩෙකර්’ (විවෘත බසයකින්) බසයකට නැගී කටුනායක – කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ රථ පෙරහැරකින් කොළඹ 07, මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය වෙත පැමිණෙනු ඇති.
ඒ අනුව ආසියානු ශූරතා හිමිකරගත් ක්‍රිකට් හා දැල්පන්දු ක්‍රීඩික ක්‍රීඩිකාවන් විශේෂ බස් රථ දෙකකින් කොළඹ බලා පැමිණෙන එම කණ්ඩායම් දෙකේ ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට, මාර්ගය දෙපසට පැමිණ සිටින ජනතාව සුබ පැතුම් එක්කරන බවත් ඔවුන්ගෙන් ඉහල පිලිගැනීමක් තිබූ බවත් අප වාර්තාකරු පැවසුවා.
ආසියානු ශූරතා හිමිකරගත් ක්‍රිකට් සහ දැල් පන්දු කණ්ඩායම් දෙක අද අලුයම දිවයිනට පැමිණියා. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් උඩරට, පහතරට සහ ඉන්දියානු බෙර වාදන සහ නර්තන මධ්‍යයේ පිළිගනු ලැබුවා.
මෙම ආසියානු ක්‍රිකට් ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(13) අලුයම 04.55 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
ආසියානු ශූරතා හිමිකරගත් ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිගැනීම සදහා විශේෂ සංගීත සහ නර්තන කණ්ඩායම් ගුවන් තොටුපළ වෙත කැදවා තිබූ අතර ක්‍රීඩා සහ යෞවන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, එහි උප සභාපති ජයන්ත ධර්මදාස යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බව අප ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවා.
මෙම විශේෂ රථ පෙළපාලිය දැක බලා ගැනීමට සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුභ පැතීම සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ සහ කොළඹ දක්වා වූ මග දෙපස අති විශාල ජනතාවක් රැස් වී සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
2025 ඔක්තෝබර් 25, පෙ.ව. 12:33
2025 ඔක්තෝබර් 25, පෙ.ව. 12:13
2025 ඔක්තෝබර් 23, ප.ව. 11:40
2025 ඔක්තෝබර් 21, ප.ව. 12:27
2025 ඔක්තෝබර් 19, ප.ව. 12:22