hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2026 අප්‍රේල් 11, පෙ.ව. 10:39



2026 ඉන්දිය ප්‍රිමියර් ලීග් තරග වාරයට බැංගලූරු කණ්ඩායම නියෝජනය කිරීමට විරෝධතා නොමැති සහතිකය (NOC) නිකුත් නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වේග පන්දුයවන ක්‍රීඩක නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් CEO ඈෂ්ලි ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සමද ඉල්ලා අස්කරගැනීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු අදාළ ලිපියෙහි දක්වා තිබෙනවා.

තම ගැටලුවට සාධාරණ විසඳුමක් බලාපොරොත්තුව වන බවත් නුවන් තුෂාර සඳහන් කර ඇත.