hit counter

2024 ජූලි මස 02 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 25, ප.ව. 6:49



ඉතාලියේ පැවති ආධුනික ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ දී (Olympia Amateur – Italy) කායවර්ධන ශූරතාවය සදහා පළමු පංතියෙන් තරග කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක උදය රත්නායක මහතා එම තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමෙන් පසුව සමස්ථ තරගාවලි ජයග්‍රාහකයින් අතර පැවති තරගයෙන් ද පළමු ස්ථානය දිනා ගනිමින් සමස්ථ තරගාවලියේ ද  ජයග්‍රාහකයා බවට පත් වෙමින් ජයග්‍රාහී  (Pro Card) පත දිනා ගැනීමෙන් අනතුරුව අද (25) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මෙවැනි ජයග්‍රහණයක් ලද පළමු ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩකකයා වන්නේ ද මෙම උදය රත්නායක ක්‍රීඩකයායි.

මෙම තරගාවලිය ලෝකයේ සියලුම රටවල ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 10/08 දින ඉතාලියේ දී පවත්වා තිබුණා.

මෙම ජයග්‍රාහී ක්‍රීඩක උදය රත්නායක කුරුණෑගල, වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (25) උදෑසන 08.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔහු පිළිගැනීම සදහා ඔහුගේ නෑදෑ හිතවතුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.