hit counter

2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 23, ප.ව. 3:43



තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර 62වන වරටත් පවත්වනු ලබන ‘සහෝදරයන්ගේ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් ලැබීමට තර්ස්ටන් විද්‍යාලය අද (23) සමත් විය.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉසිපතන විද්‍යාලය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 203ක් රැස්කළේය.

ඊට පිළිතුරු ලෙස තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 257/9ක් රැස්කර ඉනිම අත්හිටුවීය.

කෙසේ නමුත් නැවතත් දෙවන ඉනිම ක්‍රීඩාකළ ඉසිපතන විද්‍යාලයට එවර සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 104ක් පමණි.

ඒ අනුව තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 50ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය කිසිවෙකුත් නොදැවී පසුකර යෑමට ඔවුන්ට හැකිවිය.

‘බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලාන’ සඳහා 1964 වසරේදී ආරම්භ වූ මෙම වාර්ෂික ක්‍රිකට් තරගය තෙදින තරගයක් ලෙස පළමුවරට මෙවර පැවැත්විණි.