2025 ජනවාරි 12, පෙ.ව. 9:35
සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේදී නවසීලන්ත එක්දින තරගයකදී පරාජය කළේ වසර 10කට පසුවය.
නමුත් තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගැනීමට නවසීලන්තය සමත් විය.

ඕක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැති
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස්කිරීමට සමත් වුණා.

පැතුම් නිස්සංක ලකුණු 66ක් ද,කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් ද ලබා ගත්තේය.
ජනිත් ලියනගේ ලකුණු 53ක් ද කමිඳු මෙන්ඩිස් ලකුණු 46ක් ද ලබා ගත්තා.
පිළිතුරු ලෙස නවසීලන්තයට පන්දුවාර 29.4කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 150ක් පමණි.
මාර්ක් චැප්මන් ලකුණු 81යි.
අසිත ප්‍රනාන්දු,එශාන් මාලිංග හා මහීෂ් තීක්ෂණ කඩුලු 3 බැගින් දවාගත්තා.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47