hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2025 ජනවාරි 25, පෙ.ව. 12:24



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මාර්තු මස 31 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.

මේ සඳහා වන නාමයෝජනා කැඳවීම පසුගියදා අවසන් විය.

වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා සීසීසී ක්‍රීඩා සමාජයෙන් නැවතත් නාමයෝජනා ලබාදී ඇති අතර, එස්එස්සී ක්‍රීඩා සමාජයේ සමන්ත දොඩංවල හා සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ජයන්ත ධර්මදාස යන මහත්වරු ද සභාපති තනතුරට නාමයෝජනා භාරදී තිබේ.

සභාපති තනතුරට නාමයෝජනා භාරදී තිබූ ගාල්ල ක්‍රිකට් සමාජයේ දිලීප චාල්ස් මහතාගේ නාමයෝජනා පත්‍ර‍ෙය් ඇති දෝෂසහගත තත්ත්වය හේතුවෙන් ප්‍රතික්ෂේප කිරීමට නිලවරණ කමිටුව පියවර ගත්තේය.

ඒ අනුව ශම්මි සිල්වා නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස පත්වීමට වැඩි අවස්ථාවක් පවතී.