hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2026 ජනවාරි 31, ප.ව. 8:55



ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම හා පැවැතුණු පළමු T 20 තරගයෙන් එංගලන්ත කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11කින් ජය ගන්නට සමත් විය.

පල්ලෙකැලේදී පැවැතුණු තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලට පන්දුවාර 16.2කදී ලබා ගත් හැකිවුයේ ලකුණු 133ක් පමණි.

මෙම තරගයේදී සෑම් කරන් දසුන් ශානක,මහීෂ් තීක්ෂණ හා මතීෂ පතිරණ දවා ගෙන කඩුලු ත්‍රිත්වයක් දවා ගන්නට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිල පන්දුවාර 15කදී ලකුණු 125ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල් වූ අතර යළි තරගය පැවැත්වීමට නොහැකිවීම නිසා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව එංගලන්තයට ලකුණු 11ක් ජයක් හිමිවුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්තය අතර දෙවන T 20 තරගය හෙට පැවැත්වීමට නියමිතව තිබේ.

තරගාවලිය ගැන ජයග්‍රාහී බලාපොරොත්තුව තබා ගන්නට නම් හෙට තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත යුතුව තිබෙනවා.