2025 ජනවාරි 09, පෙ.ව. 1:47
නවසීලන්ත කණ්ඩායමට එරෙහිව දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 113ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.
වර්ෂාව නිසා පන්දුවාර 37කට සීමා වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 255ක් රැස්කළා.
මෙහිදී මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් විය.
එවැන්නක් කළ 7වන ශ්‍රී ලංකා පන්දු යවන්නා මහීෂ් තීක්ෂණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාවට පන්දුවාර 30.2කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142ක් පමණි.
කමිඳු මෙන්ඩිස් ලකුණු 64ක් රැස්කළා.

ඒ හැරෙන්න වෙනත් කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකුට සාර්ථක ඉනිමක් ක්‍රීඩාකිරීමට නොහැකි විය.
විල් ඕ රුක් ලකුණු 31කට කඩුලු 3ක් දවාගත්තේය.
ඒ අනුව තරග 3කින් සමන්විත එක්දි තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2-0ක් ලෙස ජය තහවුරු කරගැනීමට නවසීලන්තය හැකිවිය.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47