2025 නොවැම්‍බර් 10, පෙ.ව. 11:35
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථානය අතර තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය හෙට පාකිස්ථානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම 2019 වසරෙන් පසු පාකිස්ථානයේ තරග සංචාරයකට එක්වෙයි.
ඊයේ පාකිස්ථානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම්වල නිරත විය.




ලාහෝර් සහ රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්ථාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විශේෂිත වූ ආරක්ෂිත වැඩපිළිවෙළක් දියත් කිරීමට ද පාකිස්ථාන රජය පියවර ගෙන තිබේ.
පාකිස්ථාන – ඇෆ්ගනිස්ථාන යුද ගැටුම් සමග තුන්කොන් T20 තරගාවලියෙන් ඇෆ්ගනිස්ථානය ඉවත් වූ අතර ඒ වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම තරගාවලියට එක් විය.
තුන්කොන් තරගාවලිය ශ්‍රී ලංකාව, පාකිස්ථානය හා සිම්බාබ්වේ කණ්ඩායම අතරට පැවැත්වීමට නියමිතව තිබේ.
2026 ජනවාරි 09, ප.ව. 10:09
2026 ජනවාරි 08, ප.ව. 9:01
2026 ජනවාරි 08, පෙ.ව. 8:15
2026 ජනවාරි 07, පෙ.ව. 7:57
2026 ජනවාරි 05, ප.ව. 4:48