2026 අප්‍රේල් 06, ප.ව. 8:18
නවසීලන්ත A හා ශ්‍රී ලංකා A අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැති පළමු එක්දින තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම ලකුණු 140කින් ජය ගත්තේය.
ශ්‍රී ලංකා A කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගත්තා.
ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 49.2කදී ලකුණු 261ක් ලබා ගන්නට සමත් විය.

කමිල් මිශාර ලකුණු 71ක් ද,නායක සහන් ආරච්චිගේ ලකුණු 66ක් ද, මිලාන් රත්නායක ලකුණු 53ක් ලබා ගත්තේය.
නවසීලන්ත A කණ්ඩායමට පන්දුවාර 28. 4කදී සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 121ක් පමණි.
වනුජ සහන් ලකුණු 13කට කඩුලු 5ක් ද,සොනාල් දිනූෂ ලකුණු 10කට කඩුලු 2ක් ද ලබා ගත්තේය.
2026 අප්‍රේල් 05, ප.ව. 5:02
2026 අප්‍රේල් 04, ප.ව. 9:00
2026 අප්‍රේල් 02, ප.ව. 1:34
2026 අප්‍රේල් 01, පෙ.ව. 9:28
2026 මාර්තු 30, ප.ව. 4:54