hit counter

2024 ජූලි මස 01 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 1:50



ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් නිලධාරී මණ්ඩලය ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සෑදීමට විශ්‍රාමික විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා 10 පුද්ගල කමිටුවක් පත් කර තිබුණා.

ඒ අනුව මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේනම් ඒවා මේ මස 27 වනදාට පෙර ගොනුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළ අධිකරණය ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ඔක්තෝබර් මස 12 වනදාට පෙර ගොනුකරන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයට නියම කළා.

අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 19 වන දා කැඳවන ලෙසත් අධිකරණය විසින් නියෝග කළා.