hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 09, ප.ව. 11:25



ආසියානු කුසලානයේ අවසන් සිව්දෙනාගේ තරග වටයේ බංග්ලාදේශය සමග පැවැති තරගයෙන් ලකුණු 21ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 257ක් ලබා ගත්තා.

සධීර සමරවික්‍රම ලකුණු 92ක් ද ,කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් ද,පැතුම් නිස්සංක ලකුණු 40ක් ද රැස්කළා.

ටස්කින් අහමඩ් ලකුණු 62කට කඩුලු 3ක් සහ හසන් මහමුද් ලකුණු 57කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 48යි එක් පන්දුවකදී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 236ක් පමණයි.

ටෝහිඩ් රිදෝයි ලකුණු 82ක් ලබා ගත්තා.

දසුන් ශානක ලකුණු 28කට කඩුලු 3ක් ද,මතීෂ පතිරණ ලකුණු 58කට කඩුලු 3ක් ද ,මහීෂ් තීක්ෂණ ලකුණු 69කට කඩුලු 3ක් බිද දැමුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ජය ගත් 13වැනි එක්දින තරගය මෙය වන අතර එය කණ්ඩායමක් අඛණ්ඩව ජය ගත් දෙවැනි වැඩිම එක්දින තරග ගණන ද වනවා.

එහි ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ තරග 21ක් ජය ගෙන තිබෙන ඔස්ට්‍රේලියාවයි.

Example Image