hit counter

2024 ජූලි මස 01 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 1:39



2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණේ ශ්‍රී ලංකාව සමග අවසන් හතර දෙනාගේ තරග වටයේ තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කරමින්.

කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 49යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලකුණු 213ක් ලබා ගත්තා.

නායක රෝහිත් ශර්මා ලකුණු 53ක් ද ,ලොකේෂ් රාහුල් ලකුණු 39ක් ද රැස්කළා.

එක්දින දිවියේ හොදම පන්දු යැවීම දක්වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 40කට කඩුලු 5ක් දවා ගත්තා.

චරිත් අසලංක ලකුණු 18කට කඩුලු 4යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 41යි පන්දු 3කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 172ක් පමණයි.

දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 42ක් ද ,ධනංජය ද සිල්වා ලකුණු 41ක් ද ලබා ගත්තා.

කුල්දීප් යාදෙව් ලකුණු 43කට කඩුලු 4ක් ද ,ජස්ප්‍රිට් බුම්රා සහ රවින්ද්‍ර ජඩේජා කඩුලු 2ක බැගින් දවා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට ලද තරග 13ක ජයග්‍රහණයේ අනතුරුව ලද එක්දින තරග පරජය ද මෙයයි.

තරගයේ වීරයා දුනිත් වෙල්ලාලගේ.