hit counter

2026 ජනවාරි මස 21 වන බදාදා

2026 ජනවාරි 21, ප.ව. 9:58



ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විසින් සම සත්කාරකත්වය දරනු ලබන ICC T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම සිදු කරනු ලැබුවා.

ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙවර T 20 ලෝක කුසලානය පෙබරවාරි මස 7 සිට මාර්තු මස 8 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

දිවයිනට රැගෙන ආ T 20 ලෝක කුසලානය කොළඹ ,මහනුවර , දඹුල්ල සහ යාපනය යන නගර වල ජනවාරි මස 24 දක්වා සංචාරය කිරීමට ද නියමිතය.

කුසලානය හෙට කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණය වෙත රැගෙන ඒමට ද නියමිතව තිබේ.