2026 පෙබරවාරි 08, පෙ.ව. 7:42
2026 T 20 ලෝක කුසලානය අරඹමින් පළමු දිනයේදී තරග 3ක් ක්‍රියාත්මක විය.
මෙම තරග 3න් පළමු තරගයේදී පාකිස්ථාන කණ්ඩායම විසින් නෙදර්ලන්තය කඩුලු 3කින් කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පරාජය කළාය.
මෙය මෙවර T 20 ලෝක කුසලානයේ පළමු තරගය ද විය.

දෙවන තරගයේදී ස්කොට්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ලකුණු 35කින් පරාජය විය.
3 වන තරගයේදී ඉන්දියාව ලකුණු 29ක ජයක් වාර්තා කරන්නට සමත් විය.


ඉන්දියාව හමුවේ පරාජය වුණේ ඇමෙරිකානු කණ්ඩායමයි.
වංකඩේ ක්‍රීඩාංගණයේදී පැවැතුණු මෙම තරගයේ ආරම්භයට පෙර මෙවර T 20 ලෝක කුසලානයේ නිල සමාරම්භක උත්සවය පැවැති අතර, SSC ක්‍රීඩාංගණයේදී ද චාම් වූ සමාරම්භක උත්සවයක් පවත්වනු ලැබුවා.


2026 අප්‍රේල් 11, පෙ.ව. 10:39
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:58
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:50
2026 අප්‍රේල් 09, ප.ව. 2:47
2026 අප්‍රේල් 06, ප.ව. 8:18