hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2026 පෙබරවාරි 11, ප.ව. 9:52



T 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව එක්වන මූලික වටයේ දෙවන තරගය හෙට පල්ලේකැලේදී පැවැත්වීමට නියමිතව තිබේ.

දිවා තරගයක් වන මෙම තරගය හෙට උදෑසන 11.00ට ආරම්භ වෙයි.

මෙහිදී ශ්‍රී ලංකාව හා ඕමාන කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මූලික වටයේ පළමු තරගයේදී අයර්ලන්ත කණ්ඩායම පරාජය කළාය.

හෙට තරගයේදී වනිඳුගේ ස්ථානය දුෂාන් හේමන්තට හිමි වීමට වැඩි ඉඩක් පවතී.

හෙට තරගයට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම 

  1. පැතුම් නිස්සංක 
  2. කමිල් මිශාර 
  3. කුසල් මෙන්ඩිස් 
  4. පවන් රත්නායක 
  5. දසුන් ශානක 
  6. කමිඳු මෙන්ඩිස් 
  7. දුනිත් වෙල්ලාලගේ 
  8. දුෂාන් හේමන්ත 
  9. දුෂ්මන්ත චමීර 
  10. මහීෂ් තීක්ෂණ 
  11. මතීෂ පතිරණ