hit counter

2026 ජනවාරි මස 07 වන බදාදා

2026 ජනවාරි 05, ප.ව. 4:48



ඉන්දියාව හා බංග්ලාදේශය අතර හටගෙන තිබෙන දේශපාලනික මතභේදාත්මක තත්ත්වය හමුවේ මෙවර IPL තරගාවලියෙන් බංග්ලාදේශ ක්‍රීඩක මුස්තාෆිසූර් රෙහෙමාන් ඉවත් කරන්නට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පියවර ගත්තේය.

මෙම සිදුවීම නිසා බංග්ලාදේශය තුළ IPL තරගාවලිය විකාශය නවතා දැමීමට ද බංග්ලාදේශය රජය පියවර ගෙන තිබේ.

මෙම මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් ඉන්දියාව තුළ තමන්ට ආරක්ෂාව නොමැතිව බව පවසමින් 2026 ලෝක කුසලාන T20 තරගාවලියට සහභාගිවීමට බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට පැමිණිම ප්‍රතික්ෂේප කළාය.

මේ පිළිබඳව දන්වමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත දැනුම් දුන්නේය.

බංග්ලාදේශය සහභාගි වන තරග ශ්‍රී ලංකාව තුළ පවත්වන ලෙස ද ඉල්ලා සිටියේය.