hit counter

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 11:52



සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැතුණු පළමු T 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 8ක පරාජයක් ලැබුවා.

ඉන්දීය කාන්තා කණ්ඩායම තරග 5කින් යුත්  T 20 ක්‍ තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගත්තා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 121ක් රැස්කර ගත්තේය.

විශ්මි ගුණරත්න ලකුණු 39ක් ද,හසිනි පෙරේරා ලකුණු 20ක් ද හා හර්ෂිතා සමරවික්‍රම ලකුණු 21ක් රැස්කළේය.

ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 14.4කදී කඩුලු 2ක් පමණක් ලකුණු 122ක් ලබා තරගය ජය ගත්තේය.

ජෙමිමා රොඩ්‍රිගස් නොදැවී ලකුණු 69යි.