2022 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 6:46
සිංගප්පූරුවේ පැවති ආසියානු දැල් පන්දු ශූරතා තරගාවලියේ දී, එහි ශූරතාවය දිනා ගත් ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම අද(13) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
අප ගුවන්තොටුපොල වාර්තාකරු පැවසූවේ ඔවුන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් 09/13 දින අලුයම 12.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි.
ඔවුන් පිළිගැනීම සදහා මෙම ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් මෙන්ම ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික දැල් පන්දු ෆෙඩරේෂනයේ සභාපති ලක්මි වික්ටෝරියා මහත්මිය ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළා.
උඩරට, පහතරට සහ ඉන්දියානු බෙර වාදන සහ නර්තනයන් මධ්‍යයේ මෙම ජයග්‍රාහී දැල් පන්දු කණ්ඩායම ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා ගෙන එනු ලැබුවා.




ටී.කේ.ජී කපිල
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:58
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:50
2026 අප්‍රේල් 09, ප.ව. 2:47
2026 අප්‍රේල් 06, ප.ව. 8:18
2026 අප්‍රේල් 05, ප.ව. 5:02