2026 අප්‍රේල් 05, ප.ව. 5:02
කොළඹ ඉසිපතන විද්‍යාලය ඉනිමකින් හා ලකුණු 8කින් පරාජය කර 63 වන ‘සහෝදරයන්ගේ සටන’ මහා ක්‍රිකට් තරගය ජයගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලයට අද (5) සමත්විය.
මෙම තරගය තෙදිනක් (3,4,5) පුරා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පළමුව පන්දුවට පහරදුන් ඉසිපතන විද්‍යාලය සිය පළමු ඉනිමට ලකුණු 159/10ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 276/10ක් රැස්කළේය.
ඉන් අනතුරුව ලකුණු 117ක් පසුපසින් යළි දෙවන ඉනිම ඇරඹූ ඉසිපතන විද්‍යාලයට එවර රැස්කිරීමට හැකිවූයේ ලකුණු 109/10ක් පමණි.
ඒ හේතුවෙන් තර්ස්ටන් විද්‍යාලයට මෙවරද දෙවිදුහල්හි වාර්ෂික ක්‍රිකට් තරගය ජයගැනීමට හැකිවිය.
‘බ්ලැක්හැම් විජේවර්ධන’ අනුස්මරණ කුසලානය වෙනුවෙන් 1964 වසරේ දී ආරම්භ වූ මෙම තරග ඉතිහාසයේ, තර්ස්ටන් විද්‍යාලය අද ලැබූ ජයත් සමග ඔවුන් තරග 8ක පූර්ණ ජයග්‍රහණ වාර්තාකර ඇත.
කෙසේ නමුත් ඉසිපතන විද්‍යාලයට ජයගැනීමට හැකිව ඇත්තේ තරග 4ක් පමණි.
2026 අප්‍රේල් 04, ප.ව. 9:00
2026 අප්‍රේල් 02, ප.ව. 1:34
2026 අප්‍රේල් 01, පෙ.ව. 9:28
2026 මාර්තු 30, ප.ව. 4:54
2026 මාර්තු 29, ප.ව. 11:40