2026 ජනවාරි 20, පෙ.ව. 8:06
වයස 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපර් 6 වටයට ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේය.
අයර්ලන්ත වයස 19න් පහළ කණ්ඩායමට එරෙහිව ලකුණු 106ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ මෙම දස්කම දැක්වුයේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 267ක් ලබා ගත්තේය.
පිළිතුරු ලෙස අයර්ලන්ත 19න් පහළ කණ්ඩායමට පන්දුවාර 40.1කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 161ක් පමණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක විමත් දින්සර ලකුණු 95ක් ද,චාමික හීනටිගල නොදැවී ලකුණු 51ක් ද, කවීජ ගමගේ ලකුණු 49ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේදී දුල්නිත් සිගේරා කඩුලු 4ක් ද,රසිත් නිම්සර කඩුලු 3ක් ද දවා ගත්තේය.
2026 ජනවාරි 19, ප.ව. 6:13
2026 ජනවාරි 19, පෙ.ව. 11:46
2026 ජනවාරි 18, පෙ.ව. 12:24
2026 ජනවාරි 15, ප.ව. 11:18
2026 ජනවාරි 14, ප.ව. 9:48