hit counter

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

2023 මාර්තු 22, ප.ව. 1:00



ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය විධායක සභාව මගින් හිටපු වූෂු ක්‍රීඩකයකු මෙන්ම කනිෂ්ඨ සහාය පුහුණුකරුවෙකුට සහ හිටපු සන්දා ජාතික පුහුණුකරුවකුට වූෂු තහනමක් පනවා ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව අදාළ හිටපු ක්‍රීඩකයෙකු සහ කණිෂ්ඨ සහය පුහුණුකරුවකු වන ජී.මනුරංගට ජීවිතාන්තය දක්වාත්, හිටපු සන්දා ජාතික පුහුණුකරුවකු වන කපිල සභාපතිට වසර 20 ක වූෂු තහනමක් පැනවීමටත් ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ විධායක සභාවට හිමි ව්‍යවස්ථාපිත බලය යටතේ අදාල පුද්ගලයින් දෙදෙනාට 2021 වසරේ දෙසැම්බර් මස 6 වැනිදා සිට තාවකාලික තරග තහනමකට ලක් කර තිබූ බවද සඳහන්.

ශ්‍රී ලංකා වූෂු සම්මේලන විධායක සභා රැස්වීම පසුගිය 19 වැනිදා පවත්වා ඇති අතර එහි සභිකයින් ඒකමතිකව මෙම තහනම පැන වීමට කටයුතු කර තිබීම ද විශේෂත්වයක්.

එයට අමතරව ජී.මනුරංග වෙත ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතා විසින් ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පැවසෙනවා.