hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

රාජ්‍ය මුද්‍රණ සංස්ථාවට ණයවර ලිපිවලින් කඩදාසි ආනයනය කර මිලදි ගැනිමට හැකියාව තිබියදි එසේ  සිදුනොකර දේශිය සැපයුම්කරුවන්ගෙන් කඩදාසි මිලදි ගැනිම හේතුවෙන් සංස්ථාවට රුපියල් හයකෝටි දහනමලක්ෂ හතලිස්නමදහස් නමසිය අනුඑකක (61,949,991) පාඩුවක් වි ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

මේ සම්බන්දයෙන් පරික්ෂණයක් සිදුකර වගකිවයුතු නිලධාරින් හදුනාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවද විගණනය මගින් නිර්දේශ කොට තිබෙනවා.

ණයවර ලිපි මගින් රුපියල් හතලිස්හතරකෝටි අසුදෙලක්ෂ අනුනමදහස් තුන්සිය හැටහතරක (448,299,364) මුදලකට කඩදාසි ආනයනය කර මිලදි ගැනිමට හැකියාව තිබු බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

එහෙත් එසේ සිදුනොකර දේශිය සැපයුම්කරුවන්ගෙන් රුපියල් පනස්එක්කෝටි විසිහතරලක්ෂ නමදහස් තුන්සිය පනස්පහක (510,249,355) මුදලකට  කඩදාසි මිලදි ගැනිම හේතුවෙන් මෙම පාඩුව වි ඇති බව ද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.