hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසනවා.

මහා බැංකුව කටයුතු කරන්නේ කිසිම ප්‍රායෝගික දැනුමකින් නොවේයැයි ද මහ බැංකුව අද කරන්නේ ඒ අයගේ රාජකාරිය නොවේ යැයිද කරුණානායක මහතා සඳහන් කළා.

ඒ අය ආණ්ඩු කරන්න හදනවා යැයිද එතකොට ජන වරමෙන් පත් වුණු ආණ්ඩුව කරන්නේ මොකක්දැයි ඔහු ප්‍රශ්න කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ රජමල් වත්තේ පිහිටි නිවසේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීයි.