hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 10 සිට පැය 14 ක කාලයක් සිදුකිරීමට නියමිතව තිබූ ජල කප්පාදුව අත්හිටවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට නියමිතව තිබුණේ කොළඹ 02 සිට 10 දක්වා ප්‍රදේශවලටයි.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩි දියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කිරීමට නියමිතව තිබුණා.