hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2024 මාර්තු 07, පෙ.ව. 12:37



කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 145 වන නිල් මහා සටන ක්‍රිකට් තරගය අද කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

මේ දක්වා පැවැති නිල් මහා සටනින් අවස්ථාවන් 36ක් රාජකීය විද්‍යාලය ද, ශාන්ත තෝමස් විද්‍යාලය අවස්ථාවන් 35ක් ද ජය ගෙන තිබේ.

2023 වසරේ අවසන් නිල් මහා සටන රාජකීය ක්‍රීඩකයින් ජය ගන්නට සමත් වුණා.

මෙම තරගය නැරඹීම සඳහා විශේෂිත වු ගුවන් යානයකින් රාජකීය සහ ශාන්ත තෝමස් ආදී සිසුන් පිරිසක් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට දිවයිනට පැමිණිමත් සුවිශේෂී වූ කරුණක්.

මෙම ගුවන් යානයේ නියමුවන් ලෙස කටයුතු කළේ ද රාජකීය සහ ශාන්ත තෝමස් ආදී සිසුන් වීමත් තවත් සුවිශේෂී වෙනවා.