2022 ජූනි 19, ප.ව. 2:51
මුලතිව් පුදුකුඩිඉරිප්පු විශ්වමඩු ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ ඉදිකොට තිබූ යුද හමුදා මුරපොලක් ඉදිරිපිට ඊයේ (18) රාත්‍රියේ පැවති නොසන්සුන්තාවයක් හේතුවෙන් යුදහමුදාව සහ සාමාන්‍ය වැසියන් අතර වූ ගැටුමක් නිසා යුද හමුදාවේ තිදෙනෙකු සහ වැසියන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
විශ්වමඩු යුද හමුදා මුරපොළක් ආසන්නයේ පැවති අදාල නොසන්සුන්තාවය මැඩපැවත්වීම සඳහා පසුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවනු ලැබූ අතර යුදහමුදාවෙන් අහසට වෙඩි තබා විරෝධතාකරුවන් පලවා හැරීමටද පියවර ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ විශ්වමඩු ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හල ආසන්නයේ තිබූ යුදහමුදා මුරපොළ අසලට රැස්වූ සාමාන්‍ය වැසියන් පිරිසක් වහාම ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතාවක නිරත වී තිබෙනවා.
එහිදී විරෝධතාකරුවන් අදාල ස්ථානයෙන් ඉවත්කිරීම සඳහා යුදහමුදාව ගත් උත්සහයකදී විරෝධතාකරුවන් සහ යුදහමුදාව අතර ඇති වූ බහින්බස්වීම දුරදිග යාමෙන් විරෝධතා කරුවන් විසින් යුදහමුදාවට පහරදීමට උත්සහ ගෙන තිබෙනවා.
එහිදී විරෝධතාකරුවන් විසින් ගල්, විදුරු සහ බෝතල් වලින් යුදහමුදාවට පහරදී ඇති අතර අදාල පිරිස් පලවා හැරීමට යුදහමුදාව විසින් අහසට වෙඩි තැබීමටද පියවර ගෙන තිබෙනවා.
පසුව තත්වය පාලනය කිරීම සඳහා පුදුකුඩිඉරිප්පු පොලීසිය සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තත්වය පාලනය කොට අදාල ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කොට ඇතැයි පොලීසිය පැවසුවා.
කෙසේවෙතත් සිවිල් වැසියන් සහ යුදහමුදාව අතර වූ ගැටුමෙන් යුදහමුදා සෙබලුන් තිදෙනෙකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර ගැටුමට සම්බන්ධ තවත් දෙදෙනෙකු පොලිස් භාරයට ගැනීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසුවා.
2025 මාර්තු 12, ප.ව. 3:33
2025 මාර්තු 12, ප.ව. 2:51
2025 මාර්තු 12, ප.ව. 2:28
2025 මාර්තු 12, ප.ව. 1:51
2025 මාර්තු 12, ප.ව. 1:42