2025 මාර්තු 26, ප.ව. 4:47
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව එල්ල කරන කිසිදු චෝදනාවක් ඔප්පු කර නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම
එල්ටීටීඊ සංවිධානය සමඟ පැවති යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය යන අයට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම හා බ්‍රිතාන්‍යයේ දේපොළ අයිතිය තහනම් කිරීම් ඇතුළු සම්බාධක බ්‍රිතාන්‍ය රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත. අදාල චෝදනා කොතැනකවත් ඔප්පු කර නැති බවද සැලකිය යුතුය. එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළේ එකළ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ මමය. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා එම තීරණය ක්‍රියාත්මක කළහ.
2002 සටන් විරාම ගිවිසුම තිබියදීත්, 2002 පෙබරවාරි සිට 2005 සැප්තැම්බර් අවසානය වෙන විට එල්ටීටීඊ සංවිධානය විසින් ඝාතන 363 ක් සිදු කර තිබුණි. 2005 නොවැම්බර් මාසයේදී මා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, එල්ටීටීඊ ප්‍රහාර උත්සන්න විය. මගේ ජනධිපති ධුරයේ මුල් මාස කිහිපය ඇතුලත සිදු වූ බරපතලම ප්‍රහාර අතර 2005 දෙසැම්බර් 4 සහ 6 යන දිනවල යාපනයේදී ක්ලේමෝ බෝම්බ දෙකකින් සොල්දාදුවන් දහතුන් දෙනෙකු මිය යෑම, 2006 ජනවාරි 5 වන දින නාවික යාත්‍රාවකට එල්ල වූ කොටි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් නාවික භටයින් 15 දෙනෙකු මිය යෑම, සහ 2006 අප්‍රේල් මාසයේදී හමුදා මූලස්ථානය තුළ හමුදාපතිවරයාට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය වැනි සිද්ධීන් වේ.
මේ සියල්ල සිදු වී තිබියදීත්, සාමය පවත්වාගෙන යෑම සඳහා මගේ රජය 2006 ජනවාරි සහ ජුනි මාසවලදී ජිනීවා සහ ඔස්ලෝහිදී සාම සාකච්ඡා වට දෙකක් පැවැත්වූ අතර ඒ සාකච්චා වට දෙකම එල්ටීටීඊය විසින් ඒකපාර්ශ්විකව නතර කරන ලදී. යුද්ධය නැවත ආරම්භ කිරීමට මට සිදු වුයේ 2006 ජුනි මාසයේදී කැබිතිගොල්ලාවේදී සාමාන්‍ය සිවිල් වැසියන් ගමන් කළ බස් රථයකට එල්ල වූ එල්ටීටීඊ බිම් බෝම්බ ප්‍රහාරයෙන් 64 දෙනෙකු මිය ගොස් 86 දෙනෙකුට බරපතල තුවාල සිදු වූ පසුවය. ඒ සිද්ධියෙන් මිය ගිය බොහෝ දෙනෙක් ළමයින් වූහ. 2006 ජූලි මාසයේදී එල්ටීටීඊය මාවිල්ආරු සොරොව්ව වසා දමා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට වාරි ජලය සැපයීම නතර කළ අවස්ථාවේ සිට හමුදා මෙහෙයුම් ආරම්භ වූ අතර 2009 මැයි 19 වන දින එල්ටීටීඊය සම්පූර්ණයෙන්ම පරාජය කරන තෙක් එම මෙහෙයුම් නතර නොවීය.
යුද්ධය අතරතුර මහා පරිමාණ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු වූ බවට බ්‍රිතාන්‍යයේ රජය කරන චෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරමි. 2017 ඔක්තෝබර් 12 වන දින නේස්බි සාමි වරයා, බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ කළ දේශනයකදී, එවකට කොළඹ සිටි බ්‍රිතාන්‍යයේ ආරක්ෂක කටයුතු පිළිබඳ තානාපති නිලධාරියා වූ ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් ශ්‍රී ලංකා හමුදාවේ විනය ඉහළින් අගය කළ බවත් සිවිල් වැසියන් ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියක හමුදාව කිසිසේත්ම නොසිටි බවත් තමාට පැවසූ ආකාරය සිහිපත් කර සිටියේය. ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් යුද කාලයේ ලන්ඩන් වලට යැවූ වාර්තා වල අන්තර්ගතය, බ්‍රිතාන්‍යයේ දේශපාලන බලධාරීන් ප්‍රවර්ධනය කරමින් සිටින මතයට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වන නිසා, එම වාර්තාවල දැඩි ලෙස සංස්කරණය කරන ලද අනුවාදයක් පමණක් ප්‍රසිද්ධ කර ඇත. අපි යුද්ධ කළේ දෙමළ ජනතාවට එරෙහිව නොව එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පමණක් බව මම අවධාරණය කරමි.
යුද්ධය අවසන් වී මාස කිහිපයකට පසු, යුද කාලීන හමුදාපතිවරයා 2010 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ විට, දෙමළ ජාතික සන්ධානය 2010 ජනවාරි 6 වන දින ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු හමුදාපතිවරයාට ඡන්දය දෙන ලෙස දෙමළ ජනතාවට ආයාචනා කළ අතර ඔහු උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රකාශිත ඡන්දවලින් 60% කට වඩා දිනා ගත්තේය, බ්‍රිතාන්‍ය රජය ප්‍රවර්ධනය කරමින් සිටින මතය එයින්ද නිෂ්ප්‍රභා වේ. 2004 දී කොටි සංවිධානයෙන් ඉවත් වී පසුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට සම්බාධක පැනවීම එල්ටීටීඊ විරෝධී දෙමළ ජාතිකයන්ට දඬුවම් කිරීම තුළින් එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව පිනවීමට ගත් පියවරක් බව පැහැදිලිය.
2009 අප්‍රේල් මාසයේදී බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු පිළිබඳ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් ශ්‍රී ලංකාවට පැමිණ හමුදා මෙහෙයුම් නතර කරන ලෙස බල කර සිටි අවස්ථාවේදී මම එය එකහෙළාම ප්‍රතික්ෂේප කළෙමි. පසුව, විකිලීක්ස් විසින් ප්‍රසිද්ධ කරන ලද රහස් ලියවිලි උපුටා දක්වමින් ලන්ඩනයේ ද ටෙලිග්‍රාෆ් පුවත්පත හෙළි කළේ මිලිබෑන්ඩ් මහතා බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට දෙමළ ඡන්ද දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ යුද්ධයට මැදිහත් වීමට උත්සාහ කළ බවයි. අද දක්වාම, එල්ටීටීඊයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ආණ්ඩු වල ස්ථාවරය මේ ඡන්ද කුට්ටි දේශපාලනයෙන් තීරණය වෙන බව කණගාටුවෙන් වුවත් කිව යුතුය.
දශක තුනක එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන් 27,965 දෙනෙකුගේ ජීවිත පමණක් නොව දේශපාලන නායකයන් ඇතුළු සිවිල් වැසියන් තවත් දහස් ගණනකගේද ජීවිත නැති විය. 2009 දී ශ්‍රී ලංකාව පරාජය කළේ එක්සත් ජනපදයේ එෆ්.බී.අයි ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය හැටියට 2008 දී නිල වශයෙන් නම් කරන ලද සංවිධානයයි. විවිධ පාර්ශ්වයන් වෙතින් එල්ල වෙන නීතිමය පීඩාවලින් තමන්ගේ සන්නද්ධ හමුදාවන් ආරක්ෂා කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජය 2021දී සහ 2023 දී විශේෂ නීති සම්පාදනය කළ බවද අප මෙහිදී සිහිපත් කළ යුතුය.
එබැවින්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධාන වලින් එල්ල වෙන තාඩන පීඩන වලට එරෙහිව වත්මන් ආණ්ඩුව ඍජුව පෙනී සිටිනු ඇතැයි මම අපේක්ෂා කරමි.
මහින්ද රාජපක්ෂ
නායක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
2025 අප්‍රේල් 01, පෙ.ව. 12:29
2025 අප්‍රේල් 01, පෙ.ව. 12:22
2025 අප්‍රේල් 01, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 01, පෙ.ව. 12:10
2025 අප්‍රේල් 01, පෙ.ව. 12:06
01-04-25
01-04-25
31-03-25
31-03-25
29-03-25
29-03-25
29-03-25
29-03-25
29-03-25
29-03-25
28-03-25
28-03-25
28-03-25
28-03-25
28-03-25
28-03-25
27-03-25
27-03-25
26-03-25
26-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25