hit counter

2025 ජූලි මස 08 වන අඟහරුවාදා

2025 ජූලි 08, පෙ.ව. 10:55



ඩිජිටල් සේවාවන් සඳහා වැට් බද්ද අලුතින් පැවයු එකක් නොව පසුගිය අයවැයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා ලද එකක් බව මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.

කලින් වැට් බද්දට යටත් නොවූ ඩිජිටල් සේවාවන්ටද එම බද්දට යටත් කළේ සාධාරණත්වයක් ගෙන ඒමට බවද හෙතෙම කියා සිටී.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.

“මාධ්‍යය හරහා ප්‍රකාශයට පත්වුණා ඔක්තෝබර පළවෙනිදා සිට 18%ක වැට් බද්දක් කියලා ප්‍රවෘත්තියක්.

ඉතින් මේක සමාජ මාධ්‍යවලත් යන්න පුළුවන්. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න මොකද ඒ ප්‍රවෘත්තිය හරහා නොමග යවන සුළු නොමග යන මහජනතාව කලබලයට පත්වෙන තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්.

අපි කවුරුත් දන්නවා මේ අපි මේ රට ස්ථාවර කරමින් ඉතාම වගකීම් සහිතව පාලන කාර්ය කරනකොට එරෙහි බලවේග විවිධ වූ කටයුතුවල නිරත වෙන අතර එවනි තත්ත්වයකදී මේ සමාජයේ හැදෙන පදනම් විරහිතව නොමග යවන සුලු ප්‍රවෘත්ති පිළිබඳව අපිට විශේෂ මහන්සියක් අරගෙන පැහැදිලි කරන්නත් සිද්ධ වෙනවා.

ඒ යටතේ තමයි මේ ප්‍රවෘත්තිය මේ ඔකා්තෝබර් පළවෙනිදා ඉදන් 18%ක වැට් බද්දක් යන ප්‍රවෘත්තිය සම්පූර්ණම වැරදි සහගතයි.

ඒ කියන්නේ වැරදි සහගත කියන්නේ අලුතින් බද්දක් පැනෙවුවයි කියන එක වැරදි සහගතයි.

අපි දන්නවා 2025 අය වැයට අපි ආදායමක් ඇස්දමේන්තු කරනවා රජය කොහොමද බදු අය කරගන්නේ කියලා.

ඒක අපි ආය ප්‍රකාශනයට ඉදිරිපත් කරලා ඒ බඳු ගණනය කිරීම පාර්ලිමේන්තුවේ වාද විවාද කරලා අයවැය සම්මත කරගත්තා.

එතකොට අන්න ඒ බදු අය කරගන්න සමහර දේවල් තියෙනවා ඒව නීති රීති අනපනත් ගැසට් නිවේදන හරහා ඊට පසුව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න ඕනේ.

සමහර අවස්ථාවලදී පණත් සංශෝධනය කරන්නට ඕනේ ඒ අනුව තිබිච්ච එකක් තමයි මේ වැට් බදු පනත අපිට සංශෝධනය කරන්නට වුණා.

සංශෝධනය කිරීමේදී පමාවක් සිදු වුණා මෙහිදී විශේෂයෙන්ම ඩිජිටල් සේවාවන් සඳහා ඩිජිටල් සේවාවන් අපි අලුතෙන් ගහපු එකක් නෙමෙයි. වැට් බද්ධට යටත් කරල ඒ කියන්නේ ඊට කලින් කවුරු හෝ ඩිජිටල් සේවයක් උදාහරණයක් ඌබර් වැනි සේවයකින් සේවය ලබාගෙන රට ඇතුල එහි පරිභෝජනය සිද්ධ කරා නම් ඒකට වැට් බද්දට කලින් යටත් වෙලා තිබුනේ නැති නිසා ඒක 2025 ආදායම් ඇස්තමේන්තුවලට ඒක ඇතුලත් කරා මොකද සාධාරණත්වය ගෙන්න.

දේශීය ඩිජිටල් සේවා සැපයන කෙනත් විදේශීය වශයෙන් සැපයුවත් අපි කවුද සැපයන්නේ කියන එක නෙමෙයි ඩිජිටල් සේවා සඳහා තමයි ඒ බද්ධ පනවලා තිබුණේ.

එතකොට ඒක අයකරගන්න යනකොට යම් යම් අනපනත් වලට නීතිමය මැදිහත් වීම වෙනවා. නීතිය ඉදිරියේ නඩු දානවා.

එතකොට මේ සම්බන්ධයෙනුත් නීතිය ඉදිරියේ යම් අභියෝගයකට ලක් කරලා අපි නීතිය ඉදිරියට ගිහින් එක පැහැදිලි කරලා ඒකේ පදනම පැහැදිලි කරලා ඒක සාධාරණ බව පැහැදිලි කරලා.
ඒ විතරක් නෙමෙයි ඒ බද්ධට එකතු කරලා දෙන්න යටත් වෙන කණ්ඩායම් පවා ඒ සාකච්ඡාවලට ඇවිල්ලා එකඟතාවයක් මත තමයි අප්‍රෙල් පළවෙනි දා ඉඳලා අය විය යුතුව තිබුණු බද්ද ඔක්ටෝබර් පළවෙනිදා සිට අය කර ගැනීමට නඩු කටයුතු වලින් අදාල අවසරය දීලා තියෙනවා.

ඒක දැන් සෑහෙන කාලයක් ඒක පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරලා තිබුණා හැබැයි මේ එකපාර ප්‍රවෘත්තිය හැදෙන්නේ ඒ එකඟතාවය අනුව කොහොමද ඒ බද්ධ අය කරන්නේ ඒ අය කරගන්නා බද්ධ දේශීය ආදායම් දෙපාර්තමේන්තුට එවිය යුතු වන්නේ කොහොමද කියලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මග පෙන්වීමක් ඒ ගයිඩ් ලයින් එකක් දීලා තියෙනවා.

ඒ ගයිඩ් ලයින් එකත් ගැසට් පත්‍රයක් හරහා එළියට ගියාම ඒක මේ මම හිතන්නේ දැන් දවස් කීහිපයට කලින් ඒ ගැසට් පත්‍රය තමයි අවබෝධ කරගන්නවා මාධ්‍ය සමහර වෙලාවදී අලුතෙන් බද්දක් ගැහුවා කියලා ඒක සම්පූර්ණම වැරදි සහගත එකක්.

ඒ නිසා ජනතාවට කියනවා කිසිම ආකාරයකට කලබල වෙන්න එපා අතිරේක කිසිදු බද්දක් පනවලා නෑ. අපි පනවපු සියලු බදු අය වැයේදී ඉදිරිපත් කරලා.

ඒ පණත් කෙටුම් පත් සංශෝධනය කර ඉන් පසු අතිරේක කිසිම වැට් බද්දක් පනවලා නැහැ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: