hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 15, පෙ.ව. 8:45



මීට මාස 7කට පමණ පෙර, එනම් ඔක්තෝම්බර් 26 වනදා හලාවත අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් පනිරෙන්ඩාව රක්ෂිතයෙන්ම සොයා ගනු ලැබ මෙතෙක් අනාවරණය වී නොමැති සිරුර කොටස් කිහිපයක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන පුළුල් කර ඇති බව වාර්තා වෙනවා.

එම සිදුවීමේ සුවිශේෂීත්වය වනුයේ පසුගිය සතියේ අමානුෂික ලෙස ඝාතනය කර කුලියාපිටිය පනිරෙන්ඩාව මහා රක්ෂිතයට ගෙනැවිත් දමා තිබූ කුලියාපිටිය සුසිත් ජයවංශ නමැති තරුණයාගේ දිය වී ගිය මළසිරුර අසලම මීට මාස 7කට පමණ පෙර මියගිය අනෙක් පුද්ගලයාගේද සිරුරු කොටස් හමු වීමයි.

එම ඇටකටු සහිත දියවී ගිය සිරුර ද තිබී ඇත්තේ සුසිත්ගේ සිරුර හමු වූ ස්ථානයට නුදුරින් මහෝගනී ගසක් මුල වන අතර මියගොස් සිටි තැනැත්තා දිගු කලිසමක් හැඳ සිට ඇති අයුරු නිරීක්ෂණය වී ඇති අතර දෙපාවල ඇටකටු මතුවී තිබූ බව විමර්ශන වලදී සටහන් වී ඇත.

මියගිය තැනැත්තා වස පානය කළ බවට තොරතුරක් සොකො නිලධාරීන්ට අනාවරණය වී නොමැති අතර එම මරණය සියදිවි නසා ගැනීමක්ද ඝාතනයක්ද යන්න විමර්ශනය ගැටළු සහගත බව නිලධාරීන් පවසයි.

එම මියගොස් ඇති තැනැත්තාගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට දිවයින පුරා ස්ථාපිත පොලිස් ස්ථාන දැනුවත් කළ ද මෙම ඇටකටු හමුවීම සම්බන්ධයෙන් මේ වනතුරු කිසිදු පුද්ගලයෙකු එම සිරුර හඳුනා ගැනීමට පැමිණ නැත. ඇටකටුවල ඇති කලිසම සහ කමිසයෙන් කිසියම් පුද්ගලයෙකු අතුරුදන් වූයේ නම් එය හඳුනා ගැනීමට හැකිවුවත් එවැන්නක් ද මෙතෙක් සිදුවී නොමැත.

පනිරෙන්ඩාව රක්ෂිතයට ඇතුළු වන මහපාරේ සිට මීටර 100ක් පමණ දුරින් එම ඇටකටු සොයාගෙන ඇති බව සඳහන්. සිරුර සතුන් විසින් කා දමා ඇතැයි පොලිසිය කියයි.

පසුගියදා සොයාගැනුණු මරා දමන ලද කුලියාපිටිය තරුණයාගේ ස්ථානීය පරීක්ෂණ කළ නිලධාරීන් විසින් ම මෙම ඇටකටු සම්බන්ධයෙන් ද විමර්ශන පවත්වා ඇති අතර මෙම මරණයන් අතර සම්බන්ධයක් තිබේද යන්න නිලධාරීන්ගේ සැකයට භාජනය වී ඇති බව වාර්තා වෙනවා.

හෙක්ටයාර් ගනනාවක් විශාල රක්ෂිතයේ, එකම ස්ථානයකින් සමාන ලක්ෂණ සහිත මලසිරුරු දෙකක්න් සොයාගැනීම අහම්බයක් වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව එම නිලධාරීන්ගේ මතයයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: