hit counter

2024 දෙසැම්‍බර් මස 09 වන සඳුදා

2024 ජූලි 26, පෙ.ව. 12:02



ඔහු ඇගේ ළඟම හිතවතෙක් නොවුණත්, සුජීවාගේ පුරුද්දක් තියනවා අලුත් වැඩක් කරන ඕනම කෙනෙක්ට උදව් කරන්න.

එදත් ඇය යන්න ඇත්තේ ඒ පරමාර්ථය ඇතුවමයි.

ඒත් අවසානයේ ඇය දැන් කායිකව වගේම මානසිකවත් ගොඩක් පසුබෑමකට ලක්වෙලයි තියෙන්නේ.

ඉතින් මේ වෙච්ච සිද්ධිය සුජීවාට වගේම ඇගේ දියණියන් දෙදෙනාටත් විශාල පීඩනයක්ලු.

කොහොම වුණත් පාදවලට සිදුවූ බරපතල තුවාල මේ වන විට ක්‍රම ක්‍රමයෙන් සුව අතට පත්වෙනවා කියලා තමයි අංජලී අම්මා ගැන කියලා තිබුණේ.

ඉතින් එදා මේ ආරාධනයට යනවාද නැද්ද කියලා එයාලා දෙගිඩියාවෙන් ඉන්න වෙලාවක තමයිලු සුජීවා එක හෙලාම කියලා තියෙන්නේ ඇය මේ උත්සවයට සහභාගී වෙනවා කියලා.

මොකද එදා දවසේ එයාලාට ලොකු වැඩක් තිබුණලු.

ඒ වීඩියෝ ෂූට් එකක්.

ඒ අතරතුරදී තමයි උදෑසන සුජීවා මේ වැඩේට සහභාගී වෙලා තියෙන්නේ.

එදා මේ විවෘත කිරීමට අංජලී වගේම රෝස් සහභාගී වෙලා නැත්තේ එදා දවසම කාර්‍යබහුල වෙන නිසාලු.

සුජීවාට ලැබුණ මේ ආරාධනය ඔවුන් තිදෙනා පිළිගත්තා මිසක ඒ අවස්තාවට එන අනිත් අය ගැන ඒ අය දැනගෙන ඉඳලා නැහැ කියලා තමයි අංජලී නම් කියන්නේ.

කොහොම වුණත් ඇය මේ අවස්ථාවට එකතු වෙලා තියෙන්නේ ගොඩක් හොඳ ප්‍රාර්ථනාවක් ඇතුව.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: