hit counter

2026 මැයි මස 22 වන සිකුරාදා

2026 මැයි 22, ප.ව. 1:09


පල්ලේගම හේමරතන හිමිට ඇප

ඛාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බවට චෝදනා එල්ල වූ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔහු මුදා හැරීමට නියෝග කරනු ලැබුවේ, රුපියල් ලක්ෂ 50 ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත ය.

ඇප කොන්දේසි කඩ කළහොත් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප නියෝගය අවලංගු කරන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ ය.

හේමරතන හිමියන්ට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.

මේ අතර, ඛාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අටමස්ථානධිපති පල්ලේගම හේමරතන හිමියන් ඊයේ (21) දහවල් බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා තිබිණි.

මීට පෙර ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකාර හේමරතන හිමියන් අද (22) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර අද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: