hit counter

2026 නොවැම්‍බර් මස 17 වන අඟහරුවාදා

2026 නොවැම්‍බර් 18, පෙ.ව. 12:35



තමන් නිකායෙන් දොට්ට දැමූ පසු දරුවෙකු සේ රැකබලා ගත්තේ අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන් බව රාජාංගනේ සද්ධාරතන හිමි පවසයි.

කිසිවෙකුගෙන් සත පහක්වත් නොගන්නා ලෙසත් ඕනෑම උදව්වක් තමන් වහන්සේට දැනුම් ලෙසත් එහිමියන් පැවසූ බවද සද්ධාරතන හිමි ප්‍රකාශ කරයි.

සිය බැංකු පොතේ රුපියලක්වත් නොමැති බවත් තමන් නඩත්තු වන්නේ මහ සෑයට බෞද්ධයන් පූජා කරන පඬුරුවලින් බවත් එහිමියන් අනාවරණය කරයි.

තමාගේ ඇඟේ දුවන හැම ලේ බිඳුවක්ම ලැබුණේ මහ සෑයට පූජා කරන මුදලින් ලැබුණු බත් කටකින් බවත් පසුගියදා පිරිසක් හැලුවේ එම ලේ බවත් සද්ධාරතන හිමි අවධාරණය කරයි.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් සද්ධාරත්න හිමි මේ බව ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: