hit counter

2026 සැප්‍තැම්‍බර් මස 07 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:12



රටම කතා වෙන අපේ පහ වසරේ පොඩි වැඩ්ඩා දනෝජ් තීක්ෂන. හැමෝම කතා වෙන චරිතයක්. ඔව් පොඩි කොල්ලා ගැන කතා නොකර බැ. මොකද ගමේ එවුන් ගොඩ යන්න දගලන හැටි දැක්කහම ඒ කතා ඇතුලේ තියෙන කට්ට කියන්න වචන නැ.

ඇහැටුවැව ගමේ ඉන්න පුංචි පැටියා උදේ හවා යන්නේ එන්නේ අලි යන එන පාරේ.හැබැයි කොල්ලා ඉගෙන ගන්න එක අත අරින්නේ නැ.කොල්ලා දන්නවා පවුලේ ගේම ගහන්න වෙන්නේ කොල්ලට කියලා. කොහොමහරි මේ කතාව කියන්න ඕනිම දේ තමයි කොල්ලා පොඩි කාලේ අම්මා නැති වෙනවා.

ඉන්නේ අක්කයි තාත්තයි අත්තම්මයි.කොල්ලට අම්ම වුනේ අත්තම්මා..අත්තම්මා නැතිවෙනවා.පස්සේ අක්ක තමයි කොල්ලාට අම්ම වෙලා තියෙන්නෙ. ගෙදර බර තාත්තා ගෙනියන්නේ හේන් කරලා..ගොවිතැන කියන්නේ ලේසිපහසු වැඩක් නෙවෙයි.ඉතිං තාත්තට හයිය වෙන්නේ කොල්ලා.ඉස්කෝලේ ගිහින් ආව ගමන් කොල්ලා දුවන්නේ හේනට කුරුල්ලෝ එලවන්න. කොල්ලාට ලොකු වැඩ බැරි වෙන්න පුලුවන්.හැබැයි තාත්තට කොල්ලා දෙන සපෝර්ට් එක.

කොල්ලා මෙහෙම හිටියට සිදුරු දෙකක් හදවතේ තියාගෙන ගේම ගහන්නේ..මේවා අපේ ලංකාවේ මිනිස්සුන්ට පාඩම් උගන්වන කතා..දැන් කොල්ලා කොළඹ දැවැන්ත ඉස්කෝලෙකට එයි.කොල්ලා ගැන හැම අස්සක් මුල්ලක් නෑරම මීඩියාවල කතා වුණා තාමත් කතා කරනවා.දැන් තමයි වෙලාව කොල්ලාව පරිස්සම් කරන්න ඕන…

කොල්ලා ගැන දැන් නොදන්න දෙයක් නෑ කට්ටිය.සමහරවිට මේ ජනප්‍රියත්වයම කොල්ලාට හා නියක් වෙන්න පුලුවන්.ඒ නිසා අම්මේ තාත්තේ අයියේ අක්කේ අපි කොල්ලාව පරිස්සම් කරගමු. ඉගෙනීම කියන්නේ අත්තටු. ඉතිං ඒ අත්තටු පරිස්සම් කර ගනින් පුතේ..ගේමක් ගහලා ගොඩ යන්න කට්ට කන අපේ පොඩි කොල්ලෝ උ බ දක්ශයින් අතර අතිදක්ෂයෙක් වෙලා ඉවරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: