2026 ඔක්තෝබර් 23, පෙ.ව. 12:05
ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ දිවයින පුරා හඳුනාගත් ඩෙංගු අවදානම් සහිත සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාශ ඉලක්ක කරගනිමින් විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්රියාත්මක කරන බවයි.
නොවැම්බර් 02 වැනිදා සිට 07 වැනිදා දක්වා එම ඩෙංගු මර්දන වැඩසටහන ක්රියාත්මක වන බවරජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්රජා වෛද්ය විශේෂඥ ප්රශිලා සමරවීර මහත්මිය පවසා ඇත.
“දැනට රෝගීන් 1,04,094ක් වාර්තා වෙලා තියෙනවා දිවයින පුරාම ජනවාරි මාසයේ සිට. ඩෙංගු මරණ 79ක් වාර්තා වෙලා තියෙනවා. එයින් වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ කොළඹ දිස්ත්රික්කයෙන්. ඊළඟට ගම්පහ, නුවර, කළුතර, මාතර, ගාල්ල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්රික්කවලින්. දැනට අධි අවදානම් සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාශ 32ක් හඳුනාගෙන තියෙනවා. නමුත් පසුගිය ජුනි, ජූලි මාසවල අපේ සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාශ 360කින් 175ක්ම වගේ අධි අවදානම් වුණ වසන්ගත තත්ත්වයේදී, ඉතින් අපි දැනට හඳුනාගෙන තියෙනවා දිස්ත්රික්ක 13ක අධි අවදානම් සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාශවල කීට ඝනත්වය වැඩි වෙමින් තියෙනවා කියලා. ඉතින් අපි ඒවා අරඹයා තමයි නොවැම්බර් මස 2 වැනි දින සිට 7 වැනි දින දක්වා විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන්නේ. දැනට ක්රියාත්මක වුණොත් ඉදිරි මාසය ඇතුළත අපිට රෝගීන් අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා”
එමෙන්ම බොහෝ ප්රදේශවල මේ වන විට මදුරු කීට ගනත්වය විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ කීට විද්යාඥ ආචාර්ය සකුන්තලා ජානකී මහත්මිය පවසයි.
“අපි ඔක්තෝබර් මාසයේ මේ වෙනකොට කරපු සමීක්ෂණවලින් ඒ ප්රතිශතයක් වශයෙන් ගත්තොත් 8.7ක් ප්රතිශතයක්. ඒ කියන්නේ නිවාසවල මදුරුවන් බෝවීමේ ප්රතිශතය ක්රමයෙන් වැඩිවීමක් අපි නිරීක්ෂණය කරනවා. ඒ වගේම තමා රජයේ ආයතන ගත්තහම 17%ක වගේ ප්රතිශතයක් සැප්තැම්බර් මාසයේ තිබිච්ච ප්රතිශතය අපි ඔක්තෝබර් මාසයේදී ඒ 33%ක වගේ ප්රමාණයක් වෙනවා. අපි නිරීක්ෂණය කරනවා සෑම පරීෂ වර්ගයකම මදුරු කීටයන් බෝවීමේ වැඩිවීමේ ප්රවණතාවයක් දැන් නිරීක්ෂණය කරනවා. අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්වල ඩෙංගු රෝගීන් වාර්තාවීමේ අඩු වීමක් අපි නිරීක්ෂණය කළේ අපි අගෝස්තු මාසය විතර අපේ පරිශ දර්ශකයේ 6.5කට වගේ ප්රතිශතයකට අඩුවීමක් දැක්කා. නමුත් අපි ඔක්තෝබර් මාසය වෙද්දී ඒ ලංකාව පුරාම සමස්ත පරිශ දර්ශකයේ ගත්තොත් එහෙම එක දැන් 9ක වගේ ප්රමාණයකට තමා වාර්තාවෙන්නේ. පරිශවලින් මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම නිසි ආකාරයෙන් සිදු නොකළොත් තව සති හතරක් සහ හයක් අතර කාලයකදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා”
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 12:27
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 12:16
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 12:10
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26