2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:19
නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු වන සංජය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා කරුණු අනාවරණ කර තිබෙනවා.
රූපවාහිනී නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දක්වමින්.
එහිදී ඔහු සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් සංජය සමඟ මුල් අවස්ථාවේදී දුරකථනයෙන් කතා කළ බවයි.
රාත්රී 10ට පමණ සිවිල් ඇඳුමින් සහ පොලිස් නිල ඇඳුමින් සැරසුණු පිරිසක් නිවසට පැමිණ දොර විවෘත කරන ලෙස බල කර ඇති බව සංජය තමන්ට පැවසූ බවද ඔහු කියා සිටියා.
එම පිරිස පිළිබඳ බියක් ඇති බැවින් උදෑසන පැමිණෙන ලෙස සංජය ඉල්ලා සිටියද, ඔවුන් තාප්පයෙන් පැන නිවසට ඇතුළු වී තිබූ බව සාගර කාරියවසම් මහතා සඳහන් කළා.
අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ වරෙන්තුවක් පෙන්වා ඇති බවද ඔහු පැවසුවා.
නිවස සෝදිසි කිරීමේදී කිසිවක් හමු නොවූ බවත්, එහි තිබූ පැරණි සේප්පුවක් විවෘත කිරීමට නොහැකි වී ඇත්තේ එහි සංයෝජන අංකය මතක නොතිබීම හේතුවෙන් බවත් සාගර කාරියවසම් මහතා ප්රකාශ කළා.
එම සේප්පුව තුළ මුදල් තිබූ බවට තමන්ට දැනුම් දී තිබුණද, මුදල් ප්රමාණය පිළිබඳ නිශ්චිත තොරතුරක් නොලැබුණු බවද ඔහු පැවසුවා.
පසුව අදාළ සේප්පුව ගල්කිස්ස පොලිසියට භාරදීමට සංජය කටයුතු කර තිබූ බවද ඔහු කියා සිටියා.
මේ අතර, ක්රිෂ් ගනුදෙනුවට අදාළ රුපියල් මිලියන 70ක චෝදනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා, එම චෝදනාව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් වනු ඇතැයි විශ්වාස කරන බව ද පැවසුවා.
අදාළ ගනුදෙනුව ඉන්දියානු ජාතිකයෙකුගේ මුදල් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් වන කාරණයක් බවත්, එය මෙරට ජනතාවගේ මුදල් සොරකම් කිරීමක් නොවන බවත් ඔහු අදහස් කළා.
අනතුරුව වත්මන් ආණ්ඩුවේ ක්රියාකලාපය විවේචනය කරමින් සාගර කාරියවසම් මහතා ප්රශ්න කළේ, භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 600ක් අතුරුදන් වූ බවට වන කරුණු, ගල්අඟුරු ගනුදෙනුව සම්බන්ධ චෝදනා, තැපැල් දෙපාර්තමේන්තුවේ මුදල් සම්බන්ධ ගැටලු සහ කන්ටේනර් 323ක සිදුවීම පිළිබඳව රටට පැහැදිලි පිළිතුරු ලැබී තිබේද යන්නයි.
රටට අහිමි වූ බව කියන මුදල් සහ අනෙකුත් සිදුවීම් සම්බන්ධයෙන් අදටත් ජනතාවට නිසි තොරතුරු දැනගැනීමට නොහැකි වී ඇති බවට චෝදනා කළ ඔහු, ආණ්ඩුවේ ක්රියාකලාපය දැඩි ලෙස විවේචනය කළා.
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:16
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:14
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:14
22-10-26
22-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
17-10-26
17-10-26