2026 ඔක්තෝබර් 18, පෙ.ව. 12:02
සිවුරේ සිද්ධියට මුවාවෙමින් කඩාකප්පල්කාරී මෙන්ම රට අස්ථාවර කිරීමේ ක්රියාවන්හි යෙදෙන විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්රියාත්මක කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
එවැනි පිරිස් සම්බන්ධයෙන් බුද්ධි අංශ කණ්ඩායම් යොදවා කරුණු සොයා බලමින් සිටින බවත් රට අස්ථාවර කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් අමාත්යවරයා අවධාරණය කළා.
කෙසේ වෙතත් සාමකාමී පා ගමන් හෝ නිදහස් උද්ඝෝෂණ පැවැත්වීමට රජයෙන් කිසිදු බාධාවක් නොමැති බවත් එම අයිතිය ඉතා හොඳින් ආරක්ෂා කරන බවත් ඔහු සඳහන් කර සිටිනවා.
වත්මන් රජය යටතේ දවසක් දෙකක් නොව වසර දෙක තුනක් වුවද ජනතාවට බාධා නොවන පරිදි සාමකාමීව වාඩි වී උද්ඝෝෂණ කිරීමට අවස්ථාව පවතින බව අමාත්යවරයා පෙන්වා දුන්නා.
මේ අතර සිවුරේ ප්රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කර අවශ්ය සුදුසු ක්රියාමාර්ග ගෙන ඇති බව සඳහන් කළ ඔහු කෙසේ වෙතත් අධිකරණය ලබාදුන් තීන්දුවලට පිටින් ගොස් ජනාධිපතිවරයා කටයුතු නොකරනු ඇති බවද ප්රකාශ කළා.
පසුගිය කාලවලදී නීතියට පිටින් ලබාදුන් ජනාධිපති සමාවන් අධිකරණය විසින්ම අහෝසි කර දැමූ ආකාරය මෙහිදී සිහිපත් කළ අමාත්ය ආනන්ද විජේපාල මහතා නීතියේ ආධිපත්යයට ඉහළින් කිසිදු ක්රියාමාර්ගයක් නොගන්නා බව වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
2026 ඔක්තෝබර් 18, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 18, පෙ.ව. 12:18
2026 ඔක්තෝබර් 18, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 18, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 18, පෙ.ව. 12:10
18-10-26
18-10-26
17-10-26
17-10-26
17-10-26
17-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
11-10-26
11-10-26