2026 නොවැම්බර් 27, පෙ.ව. 12:16
දැනට වගා කෙරෙන කුඹුරු ප්‍රමාණයෙන් අවම වශයෙන් තුනෙන් එකක්වත් කඩිනමින් අඩු නොකළහොත් ගොවි ජනතාව, මෙරට කෘෂිකර්මාන්තය සහ ආර්ථිකය බරපතල අර්බුදයකට මුහුණ දෙනු ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේය.
වැඩසටහනකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙරට ‘පෙරදිග ධාන්‍යාගාරය’ ලෙස හැඳින්වුවද එය හුදෙක් ‘වී ගාරයක්’ පමණක් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වී හැර අනෙකුත් සියලුම ධාන්‍ය වර්ග විදේශ රටවලින් ආනයනය කර පරිභෝජනය කිරීමට සිදුව තිබීම හේතුවෙන් ජාතියක් ලෙස අප අසමත් වී ඇති බව පැවසීය.
වී නිෂ්පාදනය මේ වන විටත් ප්‍රමාණවත් මට්ටමක පවතින බවත්, මින්නේරියේ සිට හිඟුරක්ගොඩ දක්වා පැමිණෙන අතරතුර ගොවීන් තවදුරටත් විශාල වශයෙන් වී වගා කරනු දුටු බවත් සඳහන් කළ අමාත්‍යවරයා, එම අස්වැන්න අලෙවි කිරීමට මෙරට තුළ ඉල්ලුමක් හෝ වෙළඳපොළක් නොමැති වීමේ බරපතල ගැටලුවක් උද්ගතව ඇති බව පෙන්වා දුන්නේය.
වී අලෙවි මණ්ඩලය සතුව පවතින වී තොග මේ අවස්ථාවේදී වෙළඳපොළට මුදා හැරියහොත් වී සහ සහල් මිල තවදුරටත් පහළ බසිනු ඇති බවත්, සහල් මිල ඕනෑවට වඩා පහළ දැමීමෙන් ක්ෂේත්රය පවත්වාගෙන යා නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.
එළඹෙන මාස් කන්නයේ අස්වැන්න ලැබීමට පෙර සිටම දැනටමත් වෙළඳපොළේ වී සහ සහල් තොග පිරී පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, කවුරුන් කැමති වුවද අකමැති වුවද කුඹුරු වලින් සැලකිය යුතු පංගුවක් වී වගා කිරීම නතර කිරීමට සිදුවන බව ප්‍රකාශ කළේය.
මේ අනුව, සහල් පදනම් කරගත් විකල්ප නිෂ්පාදන වෙත යොමු වීම, අතිරික්තය අපනයනය කිරීම හෝ ගොවීන් වෙනත් භෝග වගාවන් වෙත යොමු කිරීම සඳහා කඩිනම් විසඳුම් සොයමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2026 නොවැම්බර් 27, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 27, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 27, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 27, පෙ.ව. 12:16
2026 නොවැම්බර් 27, පෙ.ව. 12:13
27-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
26-11-26
26-11-26
26-11-26
26-11-26
26-11-26
26-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
24-11-26
24-11-26
23-11-26
23-11-26