hit counter

2026 නොවැම්‍බර් මස 24 වන අඟහරුවාදා

2026 නොවැම්‍බර් 25, පෙ.ව. 12:18



එළැඹෙන සඳුදා (30) දිනයේ සියලුම ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ලංකා ගුරු සංගමය පවසයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඊයේ (24) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ලිඛිතව බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන නොවැම්බර් 30 වැනිදා විභාග පැවැත්වීමට නියමිත දිනයක් බවත්, එම විභාග සම්බන්ධයෙන් තීරණ ගැනීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමක් බවත් ජෝසප් ස්ටාලින් මහතා අවධාරණය කළේය.

ගුරු හා විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් නිසි අවධානයක් යොමු නොකිරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සභාපතිත්වය දරන ලංකා ගුරු සේවා සංගමය හැර අනෙකුත් සියලුම ගුරු හා විදුහල්පති සංගම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීමට කැමැත්ත පළ කර ඇති බවද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: