2026 නොවැම්බර් 24, පෙ.ව. 12:10
ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චි සහ රංගන ශිල්පිනී ෂෙරිල් ඩෙකර්, හරීන්ද්‍ර ජයලාල් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සිය ජීවිතයේ අත්දැකීම් රැසක් විවෘතව හෙළි කර තිබෙනවා.
මෙහිදී විශේෂ අවධානයක් යොමු වුණේ ඔවුන්ගේ විවාහ ජීවිතය සහ දරුවන් නොමැති වීම සම්බන්ධයෙන් සමාජයෙන් එල්ල වන විවිධ ප්‍රශ්න හා විවේචන පිළිබඳවයි.
විවාහයෙන් පසුව දරුවන් නොමැති වීම ගැන සමාජයෙන් එල්ල වූ ප්‍රශ්න නිසා තමන් මානසික පීඩනයකට පත්වූ අවස්ථා තිබූ බව ෂෙරිල් සඳහන් කළා. ඇතැම් අවස්ථාවල ජීවිතය පවා එපා වූ හැඟීම් ඇති වූ බවත් ඇය සංවේදීව හෙළි කළා.
එමෙන්ම තමන් අවස්ථා තුනකදී ගබ්සා වීම්වලට මුහුණ දුන් බවත්, තුන්වැනි අවස්ථාවේදී තම ජීවිතය පවා අවදානමකට ලක්වූ බවත් ඇය අනාවරණය කළා.
කෙසේ වෙතත්, දරුවන් නොමැති වීම නිසා විවාහ ජීවිතයක් අසාර්ථක යැයි තීරණය කළ නොහැකි බවයි ඇය පෙන්වා දෙන්නේ. සැමියා සහ බිරිඳ අතර අවබෝධය හා කැමැත්ත තිබෙනවා නම්, අන් අයගේ අදහස්වලට තම ජීවිතය පාලනය කිරීමට ඉඩ නොදී සතුටින් ජීවත් විය යුතු බව ඇය අවධාරණය කළා.
විශේෂයෙන්ම දරුවන් නොමැති කාන්තාවන්ට කරන අනවශ්‍ය ප්‍රකාශ ඔවුන්ගේ මානසික තත්ත්වයට දැඩි බලපෑමක් ඇති කළ හැකි බවත්, එවැනි සංවේදී කාරණා සම්බන්ධයෙන් කිසිවකුටත් අපහාසාත්මක වචන භාවිත නොකරන ලෙසත් ෂෙරිල් ඉල්ලා සිටියා.
තමන්ට ලැබුණු පෞද්ගලික පණිවිඩයක් ගැනද ඇය මෙහිදී සිහිපත් කළා. සැමියාගේ මව නිරන්තරයෙන් දරුවන් නොමැති වීම ගැන අපහාසාත්මකව කතා කිරීම නිසා සියදිවි නසා ගැනීමට පවා සිතූ කාන්තාවක් පිළිබඳව එම පණිවිඩයෙන් ඇය දැනගෙන තිබුණා.
ඒ අතරම, රුවන් සහ ෂෙරිල් තම ආදර කතාවේ ආරම්භය, ජීවිතයේ මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා සහ අද දක්වා පැමිණි ගමන ගැනත් මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
රුවන් සිය කලා ජීවිතයට පැමිණීමට පෙර ගල් කැඩීම, බදාම ඇනීම සහ හෝටල් ක්ෂේත්රයේ රැකියා කිරීම ඇතුළු විවිධ අත්දැකීම්වලට මුහුණ දුන් ආකාරයත්, ෂෙරිල් නර්තනයෙන් හා රංගනයෙන් ඉදිරියට පැමිණ ව්‍යාපාරික ක්ෂේත්රයටද පිවිසි ආකාරයත් ඔවුන් සිහිපත් කළා.
අද වන විට තමන් දෙදෙනා අතර ඇති අවබෝධය සහ එකිනෙකාට ලබාදෙන සහයෝගය තම පවුල් ජීවිතයේ සතුටට හේතුවක් බවත් ඔවුන්ගේ කතාබහෙන් පැහැදිලි වුණා.
දරුවන් සිටීම හෝ නොසිටීම මත නොව, දෙදෙනෙකු අතර ඇති ආදරය සහ අවබෝධය මත පවුල් ජීවිතයක සතුට තීරණය විය යුතු බවට ෂෙරිල් කළ මේ අදහස් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වනු ඇති.
2026 නොවැම්බර් 24, පෙ.ව. 12:25
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:23
2026 නොවැම්බර් 22, පෙ.ව. 12:21
2026 නොවැම්බර් 22, පෙ.ව. 12:05
2026 නොවැම්බර් 21, පෙ.ව. 12:16
24-11-26
24-11-26
24-11-26
24-11-26
24-11-26
24-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
20-11-26
20-11-26